January 14, 2024

කවුරුන් කවර මතයක් පළකළත් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කිසිසේත්ම නතර නොකරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අවධාරණය කළේය.

අවිස්සාවේල්ල ප්‍රාදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ වැඩමුළුවක් අමතමින් ඇමැතිවරය මෙම අදහස් පළකළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

“අප මෙම අමාත්‍යංශයේ වැඩ භාරගන්නා අවධිය වන විට රටම ගිනිගොඩක් බවට පත්ව තිබුණා. පොලිස් දෙපාර්තමේන්තුව බිංදුවට වැටී තිබුණා. ඒ නිසා අන් සියල්ලටම පෙර රට යථාතත්වයට පත්කිරීමේ අභියෝගය අප ඉදිරියේ පැවතුණා. ඒ අනුව පැය 48 ක කාල සීමාවක් ලබා දී පැවති විවිධ සීමා ඉවත් කර තත්වය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කළා. ඒ අවස්ථාවේ එලෙස කටයුතු නොකළා නම් අදත් ජනතාවට ඉන්ධන පෝලිම්වල , ගෑස් පෝලිම්වල රැඳී සිටින්නට සිදුවෙනවා.

එමෙන්ම පොලිසිය නගාසිටුවීම සඳහා පොලිස් නිලධාරීන්ට අවශ්‍ය දිරිමත් කිරීම අප ලබා දුන්නා. රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය වර්ධනයවීමට අරගලයද එක් හේතුවක් බවට පත්වුණා. රටටම ව්‍යසනයක් බවට පත් වූ එම තත්වය මර්දනය කිරීමේ සැලසුම් අප සකස් කළේ මීට මාස 6කට පමණ පෙර සිටයි. යුක්තිය මෙහෙයුම ආරම්භ වූයේ එලෙස සිදුකළ පුළුල් අධ්‍යයනයන් වලින් අනතුරුවයි. ඒ අනුව දකුණු පළාතෙන් මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.එහිදී අපගේ විශේෂ අවධාණය යොමුවූයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම මර්ධනය පිළිබඳවයි. ඊට පාතාලය ද සම්බන්ධයි. එවකට ඇතැම් කාලවල දිනපතා ඝාතන ඇතුළු අපරාධ සිදුවීම් රැසක් වාර්තා වුණා.රටට බරක් වූ මෙම සියලු අපරාධකරුවන් හඹාගොස් නීතිය හමුවට පැමිණවීම අපේ අරමුණයි. ආයුධ සන්නද්ධ අපරාධකරුවන් සොයා පොලිසිය යන්නේද ආයුධ සන්නද්ධවයි. එම නිසා නීතියට අනුව අවශ්‍ය අවස්ථාවේදී ආයුධ භාවිතා කිරීමට පොලිසියට සිදුවනවා.

මෙලෙස කටයුතු කරගෙන යන අවස්ථාවේදී ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ඇතැම් දේශීය කල්ලි වලින්ද අපට විවිධ අභියෝග, බාධක එල්ලවීමට පටන් ගෙන තිබෙනවා. කුහක, ඊර්ෂ්‍යවෙන් පෙළෙන, රටට විරුද්ධව කටයුතු කරන පිරිස් එලෙස කටයුතු කරනවා. මේ මෙහෙයුමට විරුද්ධව එම පිරිස් ජාත්‍යන්තරයට ලියනවා. පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ ඉහළ නිලධාරීන් ද මීට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳ විවිධ මාධ්‍ය විසින් අපේ මතය කුමක්ද යන්න පිළිබඳවත් විමසනවා. කවුරුන් කවර මතයක් පළකළත් අප ආරම්භ කළ මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ. අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා. මේ මෙහෙයුමට විරුද්ධව එම පිරිස් ජාත්‍යන්තරයට ලියනවා. පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ ඉහළ නිලධාරීන් ද මීට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳ විවිධ මාධ්‍ය විසින් අපේ මතය කුමක්ද යන්න පිලිබඳවත් විමසනවා කවුරුන් කවර මතයක් පළකලත් අප ආරම්භ කළ මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ.අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.

මෙවැනි බාධා කිරීම් සිදුකරන්නේ රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලබාගන්නා, කුඩු නඩු වලට පෙනීසිටින, ඒ මුදල් වලින් යැපෙන අතලොස්සක් නීතීඥයින්. පසුගිය සතිය තුල වැඩබලන පොලිස්පතිතුමාට එරෙහිව නඩු පිට නඩු. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදලින් යැපෙන පිරිස් මේ වැඩපිළිවෙල නතර කරගැනීමට එලෙස කටයුතු කරනවා. මේ වන විට අපට ජීවිත තර්ජන එල්ල කරමින් ලිපි එවීමටත් එම පිරිස් කටයුතු කරනවා. ඊට නිසි පිළිතුරු ලබාදිය යුත්තේ මේ රටේ ජනතාවයි. මෙම තත්වය නතර නොවුණහොත් තව නොබෝ දිනකින් නම් ගම් සහිතව එම තොරතුරු හෙළිකිරීමට අප පියවර ගන්නවා.

42.31%
17.27%
32.76%