Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍යයට වාරණ පැනවීමට නව ආණ්ඩුවට කිසිදු අදහසක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් ජනමාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග පසුගිය දා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ අදහස් සහ යෝජනා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමත්, ඉල්ලීම් කිහිපයක් පිළිබදව සාකච්ඡා කිරීමත් අරබයා එම සංගමය ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
එහි දී එම සංගමයට බලපාන්නා වූ දැනට කෙටුම්පත් කර ඇති පනතක් සහ ක්‍රියාත්මක වන පනත්වල යම් යම් අඩුපාඩු පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කිරීමත්, සංගමයේ නියෝජිතයින්ට බලපානු ලබන පොදු කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කිරීමත් සිදුවිය.
මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියාසිටියේ ජනමාධ්‍ය සහ රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි.
රජය ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම ඉටු කරන බවත්, මාධ්‍යයට වාරණ පැනවීමට රජයට කිසිදු අදහසක් නොමැති බව ද පැවසීය.
මෙරට ජනමාධ්‍ය අමාත්‍යාංශය වගකීමක් නැති අක්‍රීය තැනක් බවට පත්කර ඇති බැවින් ජනමාධ්‍ය අමාත්‍යාංශය නිසි තැන තැබීම වර්තමාන රජයේ මුලික අරමුණක් වන බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා, මානව හා භෞතික සම්පත් කොතරම් තිබුණ ද ඵලදායිතාවය පිළිබදව ගැටළු සහගත තත්ත්වයක් පෞද්ගලිකවම තමා දකින බව ද පැවසීය.
දෙස් විදෙස් අරමුදල් යොදාගෙන මෙරට බොහෝ ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇති බව ද එහෙත් එම ව්‍යාපෘති ජනතාව සමග බද්ධ නොවීම හේතුවෙන් අවසානයේ ඵලදායි නොවන ව්‍යාපෘති බවට පත්ව ඇති බව ද පැවසූ අමාත්‍යවරයා එදා මෙදා තුර ජනතාවට සහනාධාර කොපමණ දී තිබුණත් එම සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළ තුළ ද මෙරටට ඵලදායි අගයක් එක්ව ඇති බවත් පෙනී නොයන බව ද සදහන් කළේය.
රජයේ අමාත්‍ය මණ්ඩලයට මේ දිනවල ජනමාධ්‍ය තුළින් චෝදනාවක් එල්ලවන වන බව පැවසූ අමාත්‍යවරයා “අමාත්‍යවරු අල්ල ගන්න බැහැ, මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ, සම්මුඛ සාකච්ඡා ලබාදෙන්නේ නැහැ“ යනුවෙන් එම චෝදනා එල්ල කරන බවත්, වර්තමානයේ මේ රට පවතින තත්ත්වය තුළ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරනවාට වඩා මෙරට ජනතාවට ඵලදායි ආකාරයට රජයේ ශක්තිමත් පදනම සකස් කිරීමේ බාරදුන් වගකීම අංග සම්පුර්ණව ඉෂ්ට කිරීම සදහා කැබිනට් මණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට කාලය, වෙහෙස නොබලා නිහඩව වැඩකටයුතු කිරීමට ඇති බව ද පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart