
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට අතිරේක පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇතැයි වාර්තා වේ.
ඒ, ඔහු සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ පුද්ගලයන් සිව්දෙනකු මියයෑම සමග ඔහුට එල්ල වන ජීවිත තර්ජන ඉහළ යෑම හේතුවෙනි.
චමුදිත සමරවික්‍රමට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා තහවුරු කර ඇතැයි Newswire වෙබ් අඩවිය වාර්තා කරන අතර, එම වෙබ් අඩවිය සිදුකළ විමසීමකදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ද තහවුරු කර ඇත්තේ තමන්ට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් හතරදෙනෙකු ලබාදී ඇති බවයි.
චමුදිත සමරවික්‍රම විසින් සම්මුඛ සාකච්ඡාවට ලක්කළ පුද්ගලයින් සිව්දෙනකු පසුගිය කාලයේ අභිරහස් ලෙස ඝාතනය කර තිබිණි.
පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ ඔහු තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද විනිසුරුවරුන්ගේ සහ විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තරකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ වන විට දැඩි තර්ජනවලට ලක්ව සිටින චමුදිත සමරවික්‍රම වැනි ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂාව ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart