February 3, 2024

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි 15 ​​වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රඹුක්වැල්ලගේ රෝගී තත්ත්වය පිළිබඳව දෙපාර්තමේන්තුව අනාවරණය කර නැත.

ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ලබාදීමේදී සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් වත්මන් පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

42.31%
17.27%
32.76%