January 19, 2024

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයන් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ.

මේ අනුව, පසුගියදා පැවැති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසාදමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධාකිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනකුගේ වැඩ තහනම් කළ බව,විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබිණි.

ඒ අනුව, විදුලිබල ඇමැති කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසුව උපදෙස් ලබාදී තිබුණේ, සේවාවලට බාධාකරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

42.31%
17.27%
32.76%