November 20, 2023

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 4 ක් සහ මූලික වටයේ තරග 7 ක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් එක් තරගයකට ඩොලර් 40,000 බැගින් තවත් ඩොලර් 280,000 ක් හිමිව ඇත.

අනුශූරතාවය දිනාගත් ඉන්දියාවට ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 2 ක් සහ මූලික වටයේ තරග 9 ක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් එක් තරගයකට ඩොලර් 40,000 බැගින් තවත් ඩොලර් 360,000 ක් හිමිව තිබේ.

මේ අතර අවසන් පූර්ව වටයට පිවිසීම වෙනුවෙන් නවසීලන්තයට සහ දකුණු අප්‍රිකාවට ඩොලර් ලක්ෂ 8 බැගින් සහ මූලික වටයේ තරග ජයග්‍රණය වෙනුවෙන් එක් තරගයකට ඩොලර් 40,000 බැගින් හිමිකරගෙන ඇත.

මූලික වටයේ තරග දෙකක් පමණක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවට මෙහිදී ඩොලර් 80,000 කින් සැනසීමට සිදුව තිබේ.