November 4, 2024

දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 2ක මාසික විකුණුම් ඉලක්කයක් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ.

පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ පවසා ඇත්තේ මෙය මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආදායම සනිටුහන් කරන බවයි.

කෙසේවෙතත්, දැනට මිල්කෝ සමාගමට රුපියල් මිලියන 240ක වාර්ෂික පොලී ගෙවීමක් සමඟ රුපියල් බිලියන 1.8ක හිඟ බැංකු ණයක් ඇති බව වික්‍රමසිංහ පෙන්වා දී තිබේ.

“නව රජය බලයට පත්වී මාසයක් ඇතුළත මෙම ඉලක්කයට පැමිණීම සාධනීය ජයග්‍රහණයක්. පසුගිය රජය මිල්කෝ සමාගම දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් අලෙවි කිරීමට තීරණය කර තිබියදී නව රජය එය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.” යනුවෙන් ඔහු පවසා ඇත.

මේ අතර කිරි ගොවීන්ට සති දෙකක ගෙවීම් ප්‍රමාදයක් පැවතීම, අභ්‍යන්තර විගණන අංශය වසර ගණනාවක් අක්‍රියව පැවතීම, නිසි විගණනයක් සහ ගිණුම් සත්‍යාපනයක් නොමැතිකම වැනි අයහපත් මූල්‍ය තත්ත්වයන් මධ්‍යයේ ආදායම් ඉලක්කය සපුරා ගත් බව මිල්කෝ හි වත්මන් සභාපති හේමජීව ගෝඨාභය පවසයි.

මිල්කෝ සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරමින් සිටින බව සඳහන් කළ ඔහු මිල්කෝ නිෂ්පාදන රට පුරා සිටින පාරිභෝගිකයන් වෙත ලබාදීමට සැලසුම් කරමින් සිටින බවද පවසා තිබේ.

42.31%
17.27%
32.76%