Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විහාරස්ථාන පරිශ්‍රය තුළදී සංචාරක මඟපෙන්වන්නෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් නිදොස් කොට නිදහස් කර තිබේ
ඒ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී.එච්.ඩබ්ලිව්.ඩී.එල්. සමරසිංහ විසිනි.
පූජ්‍ය ධම්මරතන හිමියන් 2009 මාර්තු 12 වැනි දින විහාරස්ථානයේදී තමන්ට පහර දුන් බවට සංචාරක මගපෙන්වන්නෙකු වන චන්දන වීරවන්ත වඩුගේ නොහොත් ‘උක්කුවා’ නමැත්තාගේ පැමිණිල්ලකට අනුව අනුරාධපුර පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබිණි.
අනතුරුව උන්වහන්සේට එරෙහිව සාපරාධී පහරදීමේ චෝදනා ගොනුකෙරිණි.
වසර 15ක් පුරාවට විභාග වෙමින් තිබූ මෙම නඩුව 2009 වසරේ ප්‍රථම වරට කැඳවනු ලැබුවේ එවකට අනුරාධපුර මහේස්ත්‍රාත්, වත්මන් මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි ඉදිරියේදී ය.
එය හිටපු අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් ඇතුළු අනුප්‍රාප්තික මහේස්ත්‍රාත්වරුන් තිදෙනෙකු විසින් විභාග කරන ලද අතර, ඔවුන්ගේ ලිඛිත නියෝගය වත්මන් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේ කියවා තිබේ.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු නොවීම හේතුවෙන් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart