December 7, 2024

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බැකෝ ආදී යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය ටයර් සහ ධාවන පථ නිපදවන කර්මාන්තශාලා දෙකක් ශ්‍රී ලංකාවේ ඉන්දීය සියැට් සමූහයට අලෙවි කරන බව ප්‍රංශය පදනම් කරගත් Michelin සමාගම පවසයි.

නිෂ්පාදන මධ්‍යස්ථානවලට අමතරව, වසර තුනක බලපත්‍ර කාල සීමාවක් අවසානයේ දී Camso සන්නාමය ද මෙම අලෙවියට ඇතුළත් වේ.

සිය සමූහය ශ්‍රී ලංකාවේ අනෙකුත් නිෂ්පාදන කටයුතු දිගටම කරගෙන යෑමට අදහස් කරන බව යනුවෙන් Michelin සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“Michelin සමාගමට ශ්‍රී ලංකාව වැදගත්, එහිදී සමාගම සමූහයේ සෑම තැනකම මෙන් කාර්ය සාධනය වැඩිදියුණු කිරීමත් සමඟ එහි නිෂ්පාදන පහසුකම් නවීකරණය කිරීමට සැලසුම් කරයි.” යනුවෙන් අදාළ නිවේදනයේ දැක්වේ.

Compact Line bias ටයර් සහ Construction tracks සම්බන්ධ කටයුතුවලින් ඉවත් වීමේ සැලැස්මේ කොටසක් ලෙස Michelin විසින් පෝලන්තයේ සිය කර්මාන්තශාලාවේ bias ටයර් නිෂ්පාදනය ද නවත්වන බව පැවසීය.

සමාගම අඛණ්ඩව රේඩියල් ටයර්, ඝන ටයර් සහ එකලස් කළ සෙසු නිෂ්පාදනයන් අඛණ්ඩව කරනු ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ටයර් සහ ධාවන පථ නිෂ්පාදනයට CEAT සුදුසු බව Michelin තරයේ විශ්වාස කරන බව ද Michelin හි Beyond Road Business Line හි ජ්‍යෙෂ්ඨ උප සභාපති Nour Bouhassoun නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“අපගේ සමාගම් දෙකම අපගේ සේවකයන් සඳහා සුමට සංක්‍රාන්තියක් සහ අපගේ ගනුදෙනුකරුවන් සහ සැපයුම්කරුවන් සඳහා ව්‍යාපාරික අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටී.” යනුවෙන් ද ඔහු පවසයි.

Michelin ශ්‍රී ලංකාවේ ස්ථානගත වූයේ එවක කැනඩාව පදනම් කරගත් Camso සමූහයෙනි.

ඝන ටයර් සහ ධාවන පථ සමූහය මුලින් ලෝඩ්ස්ටාර් ලෙස පිහිටුවන ලද්දේ ව්‍යාපාරය Camso වෙත විකුණු බෙල්ජියම් ආයෝජකයකු විසිනි.

“Camso සන්නාමය CEAT’s Off-Hyway ටයර් ව්‍යාපාරයේ උපාය මාර්ගයට ඉතා හොඳින් ගැළපෙන අතර එමගින් අපගේ ආන්තික පැතිකඩ වැඩි දියුණු කරයි” යනුවෙන් CEAT හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී Arnab Banerjee එම නිවේදනයේ සඳහන් කරයි.

“CEAT සහ Camso යන සන්නාම දෙක අතර ඉහළ සහයෝගීතාවක් ද දැකිය හැකි අතර, ඔවුන්ගේ අනුපූරක හැකියාවන්ගෙන් සහ ස්ථානගත කිරීමෙන් දෙපාර්ශ්වයටම විශාල ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි විශ්වාසයි.” යනුවෙන් ද අදාළ ම්නිවෙදනයේ දැක්වේ.

Camso වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා15ක් සහ සේවකයෝ 5,000ක් සිටිති.

42.31%
17.27%
32.76%