May 26, 2024

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලි සංවිධායකයන් විසින් හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ක්ලාක් එළඹෙන 2024 වාරය සඳහා එහි සන්නාම තානාපති ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ලොව පුරා සිටින ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වන උද්වේගකර තරග ප්‍රදර්ශනය කරමින් මෙම තරගාවලිය ජූලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ.

තරඟාවලි සංවිධායකයන්ට අනුව, ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය නාමයක් වන ක්ලාක් LPL සඳහා අත්දැකීම් සම්භාරයක් ගෙනඑයි.

දකුණත් පිතිකරුවකු වන ඔහුගේ අලංකාරය සහ දක්ෂතාවය නිසා ඔහු දශකයකට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ සාර්ථකත්වය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

ඔහු ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික ආකෘති දෙකෙහිම ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට නායකත්වය දුන් අතර 2015 ක්‍රිකට් ලෝක කුසලානයේ ඓතිහාසික ජයග්‍රහණයක් කරා ඔවුන්ව මෙහෙයවීය.