July 4, 2024

කෘත්‍රිම බුද්ධි මාදිලි(AI models) පුහුණු කිරීම සඳහා බ්‍රසීලියානුවන්ගේ ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පළකිරීම් භාවිත කිරීම බ්‍රසීලය විසින් මෙටා සමාගම සඳහා තහනම් කර තිබේ.

බ්‍රසීලයේ ජාතික දත්ත ආරක්ෂණ ඒජන්සිය කියා සිටියේ පරිශීලකයින්ගේ පළ කිරීම් මත පදනම්ව chatbots වැනි AI ආකෘති පුහුණු කිරීමට ඉඩ සලසන මෙටා හි නවතම රහස්‍යතා ප්‍රතිපත්තිය වහාම අත්හිටුවන බවයි.

බ්‍රසීලය මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් රාජධානියේ සහ යුරෝපය මෙටා සමාගමට එරෙහිව එවැනිම ක්‍රියාමාර්ගයක් ගෙන සති කිහිපයකට පසුවය.

බීබීසී පුවත් වාර්තා කළේ අදාළ තීරණය පිළිබඳ සමාගම කලකිරුණු බව මෙටා ප්‍රකාශකයකු සඳහන් කළ බවයි.

දේශීය වශයෙන් ක්‍රියාත්මක රහස්‍යතා නීතිවලට අනුකූලව සමාගම සිය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව සිටි බව ඔහු පවසා තිබේ.

ඔහු මෙමෙ පියවර හඳුන්වා දී ඇත්තේ නවෝත්පාදනය, AI සංවර්ධනයේ තරඟකාරිත්වය සහ බ්‍රසීලයේ ජනතාවට AI හි ප්‍රතිලාභ ගෙන ඒම තවදුරටත් ප්‍රමාද කිරීම සඳහා වූ පසුගාමී පියවරක් ලෙසයි.

මෙටා සමාගමට බ්‍රසීලයේ සැළකිව යුතු වෙළඳපොළක් තිබේ.

ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 102ක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිත කරන මිලියන 113කට වැඩි පිරිසක් බ්‍රසීලයේ සිටිති.

AI පුහුණු කිරීම සඳහා ප්‍රසිද්ධියට පත්කර තිබෙන පළ කිරීම්වල (post) ඇති පෞද්ගලික තොරතුරු භාවිතය ගැනීම වළක්වමින් සිය රහස්‍යතා ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බ්‍රසීලය දින පහක කාලයක් ලබා දී ඇත.

එය සිදුකිරීමට අපොහොසත් වුවහොත් දිනකට පවුම් 6,935ක දඩයක් සමාගමට පමුණුවනු ඇත.