October 31, 2023

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි “Ballon d’Or” සම්මානය හිමිකර ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී සමත්ව තිබේ.

ඔහු අ⁣ටවන වරට මෙම සම්මානය ලබා ගැනීමද විශේෂත්වයකි.

පසුගිය වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජයග්‍රහණය සඳහා ආර්ජන්ටිනාව මෙහෙයවීම වෙනුවෙන් මෙසීට එම සම්මානය හිමිව ඇත.

ප්‍රංශයේ පැරිස් නුවරදි අදාළ සම්මාන උළෙල පැවැත්විණි.