November 28, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්කාගාර දෙකක මත්පැන් නිෂ්පාදනය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව එම ප්‍රධාන ස්කාගාර දෙක වන්නේ ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම හා රන්දෙණිගල සමාගමයි.

බදු නොගෙවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය නොවැම්බර් මාසයේදී මත්පැන් නිෂ්පාදන සමාගම් 05ක බලපත්‍ර අත්හිටුවන බව නිවේදනය කළේය.

එම අවස්ථාවේදී දෙපාර්තමේන්තුව කියාසිටියේ හිඟ බදු නොගෙවීම සහ වාර්ෂික බලපත්‍ර අලුත් නොකිරීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් පහේ බලපත්‍ර අත්හිටුවා ඇති බවයි.

එම අත්හිටුවීමෙන් පසු මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවට දන්වා සිටියේ මත්පැන් නිෂ්පාදන සමාගම් 05 හිඟ බදු මුදල් ලෙස රුපියල් මිලියන 2,715ක් රජයට ගෙවිය යුතු බවයි.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ, පැහැර හැරීම සඳහා වන දඩයත් සමඟ සම්පූර්ණ බදු පැහැර හැරීම රුපියල් මිලියන 6,721ක් බවයි.

42.31%
17.27%
32.76%