Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සමඟ ආණ්‌ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරු ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.
අනාගත ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව, මහබැංකු අධිපතිවරයා විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශය මේ සදහා හේතු වී තිබේ.
එම ප්‍රකාශය බරපතළ බව ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.
මුදල් සම්බන්ධයෙන් බලය ඇත්තේ ව්‍යවස්ථාදායකයට බවත්, ආර්ථිකය ගැන තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව බවත්, ඒ නිසා මහබැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දින තුනක විවාදයක් අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම, වත්මන් මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් තම පක්ෂයට විශ්වාසයක් නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.
“රටේ බංකොලොත්භාවය පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම්දීමට මහ බැංකු අධිපතිවරයා අසමත් වුණා. රැස්වීමකදී 2022 දී රටේ විදේශ සංචිත ගැන අපි ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු ප්‍රතිචාර දැක්වූයේ 2022 දී ශ්‍රී ලංකාවේ සංචිත වශයෙන් ඩොලර් මිලියන 20ක් පමණක් ඇති බවයි. රට බංකොලොත් වී ඇති බව අපට දැන ගන්නට ලැබුණේ එවිටයි. ඔහුගේ මේ හැසිරීම නිසා අපට ඔහුව විශ්වාස කරන්න බැහැ” යනුවෙන් හෙතෙම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart