October 26, 2024

වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට මරණ තර්ජනය කළ හිටපු සභාපති පුෂ්ප කුමාර බැට්ටගේ වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සර්වජන බලය පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයකු වන මොහු ලේකම්වරියට දුරකථනයෙන් බැන මරණ තර්ජනය කළා යැයි පැවසෙන පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%