Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනූව, රුපියල් මිලියන 349ක් වටිනා ඖෂධ, රසායන ද්‍රව්‍ය, ශල්‍ය අයිතම ඇතුළු සෞඛ්‍ය සේවා සැපයුම් පසුගිය වසරේදී විනාශකර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා පමණක් හැත්තෑ නව ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් කල්ඉකුත් වී විනාශ කර ඇත.
තවද, රුපියල් මිලියන 32ක පමණ ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇති අතර, එම විගණකාධිපති වාර්තාවට අනූව ඇතැම් ඖෂධ භාවිතයට නුසුදුසු තත්වයේ තිබියදී පවා, ඒවා රෝගීන් සඳහා භාවිත කර තිබේ.
ඒ අතර, සෞඛ්‍ය සේවාව සඳහා වෙන්කළ ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් නිසි ප්‍රයෝජනයකින් තොරව ඉතිරිවී තිබීමද, ඇතැම් ආධාර මුදල් පවා භාවිතයට ගැනීම සඳහා නිසි කළමනාකරණ හැකියාවක් නොතිබීම හේතුවෙන් නැවත හරවා යැවීමට සිදු වී තිබෙන බවද ඇතැම් විමර්ශනවලදී හෙළිවී ඇත.
තමන්ගේ වගකීම සහ වගවීමට අදාළ වපසරිය පවා නිවැරදිව තහවුරු කිරීමට නොහැකිවීම නිසා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු සිව්දෙනෙකු මේ වන විටත් රිමාන්ඩ් බන්ධනාගාරගතවීම හේතුවෙන් සෞඛ්‍ය කළමනාකරණ යාන්ත්‍රණය බරපතල අභියෝගයකට ලක්ව ඇති අතර, වෛද්‍ය සැපයුම් අංශය තුළ සියල නිලධාරීන් තීරණ ගැනීමෙන් වැළකී සිටින තත්වයකට සෞඛ්‍ය සේවාව ඇදවැටී ඇත.
ඒ අතරතුර, වෛද්‍ය සැපැයීම් අංශය විසින් ඖෂධ ඇතුළු අයිතම සියයක් පමණ භාරනොගැනීම නිසා, සෞඛ්‍ය සේවාව තුළ විශාල අර්බුදයක් ගොඩ නැගෙමින් පවතී.
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයෙහි අධ්‍යක්ෂකවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් සමගම, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තමන්ව සිරභාරයට ගැනීම වළක්වන ලෙස ගොනුකළ නඩුව අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, ඔහු රෝහල් ගත වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart