June 11, 2024

ඉකුත් දා අවසන් වූ ලෝක් සභා මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සුබපැතුම් පිරිනැමීම පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යංශය චීනයට ස්තූතිය පළ කර තිබේ.

එහි ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ඒ සම්බන්ධයෙන් X ගිණුමේ පණිවිඩයක් සටහන් කර ඇතයි ඉන්දීය මාධ්‍ය පවසයි.

ඔහු එමගින් පවසා තිබුණේ ඉන්දියාව ජාතීන් දෙක අතර සබඳතා සාමාන්‍යකරණය කිරීම අඛණ්ඩව සිදු කරන බවයි.

එම X පණිවිඩයේ මෙලෙස සටහන් කර තිබුණි.

“අග්‍රාමාත්‍ය @narendramodiගේ මැතිවරණ ජයග්‍රහණයට සුබපැතුම් පිරිනැමීම ගැන @MFA_China වෙත ස්තූතියි. අන්‍යෝන්‍ය ගෞරවය, අන්‍යෝන්‍ය උනන්දුව සහ අන්‍යෝන්‍ය සංවේදීතාව මත පදනම්ව ඉන්දු -චීන සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා උත්සාහයන් දිගටම කරගෙන යනු ඇත.”

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ මැදපෙරදිග කලාපීය රටවලට ද ඔහු ඉන්දීය රජය වෙනුවෙන් ස්තූතිය පළ කර තිබේ.

එම රටවල් අතර සෞදිය, ඕමානය හා තවත් රටවල් කිහිපයක් වේ.