February 10, 2025

ගිනි රක්ෂණයෙන් ආවරණය කර ඇතත්, 2022 නොසන්සුන්තාවයේදී ගිනිගත් නිවාස සඳහා මන්ත්‍රීවරුන් 43 දෙනෙකුට ගෙවන ලද වන්දි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ඉල්ලා සිටියි.

2005 ආපදා කළමනාකරණ පනත මගින් පාලනය වන ශ්‍රී ලංකාවේ ආපදා සහන ප්‍රතිපත්තියට අනුව, සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සඳහා වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක් බව ඔහු පෙන්වාදෙයි.

කෙසේවෙතත්, මන්ත්‍රීවරුන්ට විශාල මුදලක් වෙන්කිරීම පිළිබඳව ආචාර්ය මහානාමහේවා කනස්සල්ල පළකරන අතර, මෙම ගෙවීම් සඳහා නීතිමය පදනම ප්‍රශ්න කරයි.

ආචාර්ය මහානාමහේවාට අනුව, වන්දි මුදල තීරණය කර ඇත්තේ, එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ මතය.

“සමහර මන්ත්‍රීවරුන් වන්දි ඉල්ලා නැතත් ඔවුන්ටත් වන්දි ලබාදීලා තියෙනවා. එහෙම වුණේ කොහොමද? මේවා අනුමත කළේ කවුද?” ඔහු ප්‍රශ්න කරයි.

මෙම කමිටුව භාවිත කළ නිර්ණායක සමාලෝචනය කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

පීඩාවට පත් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ හානියට පත් දේපළ සඳහා රක්ෂණ ගෙවීම් දැනටමත් ලැබී ඇති බවත් ඔහු හෙළිකරයි.

භාණ්ඩාගාරයෙන් අතිරික්ත අරමුදල් අයකර ගැනීමේ ක්‍රියාවලියක් රජය විසින් ආරම්භ කළ යුතු බව ද ආචාර්ය මහානාමහේවා යෝජනා කරයි.

42.31%
17.27%
32.76%