December 28, 2024

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානියා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පත්කර තිබේ.

මේ අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ වැඩබලන නායකයා ලෙස C.V.K. සිවඥානම් පත්කර ඇති බව වාර්තා විය.

වවුනියාවේ අද (28) පැවති ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් පවසයි.

කෙසේවෙතත්, මෙම පත්කිරීම් බලපැවැත්වෙන්නේ පක්ෂයේ මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීම දක්වා පමණක් බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%