January 30, 2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා වයස අවුරුදු 82 දී අභාවප්‍රාප්ත විය.

ඔහු අද අලුයම යාපනය රෝහලේදී අභාවප්‍රාප්තවී තිබේ.

සේනාධිරාජා දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටිමින් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ප්‍රවීණ දෙමළ දේශපාලනඥයෙකි.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර දෙමළ ජාතික සන්ධානයේ (TNA) කැපීපෙනෙන චරිතයක් විය.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%