March 18, 2025

කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රටඉඳි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවිතුමන්ට පහරදි ඇති බව පොලිසිය සදහන් කරයි.

මෙහිදී පහරකැමට ලක්ව ඇත්තේ කලුතර කටුකුරුන්ද මොහිදීන් ජුම්මා දේවස්ථානයේ මව්ලවිතුමන් බව සදහන් වේ.

සැකකරු තමන්ට රටඉඳි ලබානොදීම සම්බන්දයෙන් මව්ලවිතුමා සමග බහින්බස්වීමක් සිදුව ඇති බවත්, පසුව පහරදී ඇති බවත් පැවැසේ.

පහරකෑමට ලක්වූ මව්ලවිතුමා කලුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.

සැකකරු කලුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට හදුනාගෙන ඇති බවත්, ඔහු ප්‍රදේශය හැරගොස් ඇති බවත් පොලිසිය කියයි.(ලංකාදීප)