
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පරිත්‍යාග කරන ලද පාසල් උපකරණ තොගයක් ලබාදීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට නිලධාරීන් පස්දෙනකු යැවීමට කළ ඉල්ලීමක් ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 200කට අධික පිරිසකට මෙම පොත්පත් සහ උපකරණ ප්‍රදානය කිරීමට නියමිතය.
මෙම පරිත්‍යාග භාරදීම සඳහා නිලධාරීන් පස්දෙනෙකු යොමුකිරීමට ඉල්ලීමක් කර තිබුණේ ජනාධිපති කාර්යාලය යටතේ ඇති විදේශගත ශ්‍රී ලාංකික කටයුතු පිළිබඳ කාර්යාලයෙනි.
ඊට විදේශගත ශ්‍රී ලංකා කටයුතු කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු, ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියකු සහ රියදුරෙකු නම්කර තිබිණි.
නිලධාරීන්ගේ ආහාර වේල සඳහාත් අධිවේගී මාර්ග ගාස්තු සඳහාත් අත්තිකාරම් මුදලක් නිදහස් කරන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබිණි.
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් පිරිනමන පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයක් සඳහා නිලධාරීන් පස්දෙනා රාජ්‍ය වියදමින් යොමුකිරීම ජනාධිපති ලේකම් කාර්යාලයට නොගැළපෙන අතර, හැකි සෑම තැනකම වියදම් කපා හැරීමට නිලධාරීන්ට උපදෙස් දෙන චක්‍රලේඛ අනුගමනය කළ යුතු බවත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දන්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart