42.31%
17.27%
32.76%
September 10, 2023

2023 මැයි 17 සිට අගෝස්තු 26 දක්වා කැබිනට් කාර්යාලය ඇතුළුව “gov.lk” විද්‍යුත් තැපැල් වසම භාවිත කරන සියලුම රජයේ කාර්යාලවල දැවැන්ත මෘදුකාංග ප්‍රහාරයකින් පසු දත්ත නැති වී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) තහවුරු කර ඇත.

මෙම ප්‍රහාරයට අදාළ වෛරසය විද්‍යුත් තැපැල් ලිපින 5000කට පමණ බලපෑ හැකි බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා පෙන්වාදෙයි.

මේ හේතුවෙන් අදාළ මෙම කාලයට අදාළ දත්ත අහිමිවීමේ අවදානමක් පවතින බවද ඔහු පවසයි.

කැබිනට් කාර්යාලය ලංකා රජයේ ජාලයේ (LGN) ආයතන අතර වේ. එය mail@gov.lk විද්‍යුත් තැපැල් වසම භාවිත කරයි.

ප්‍රහාරයෙන් පසුව, ICTA විසින් දෛනික නොබැඳි උපස්ථය(daily offline backup) ආරම්භ කිරීමට සහ වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අදාළ යෙදුම උත්ශ්‍රේණි කිරීමට(upgrade) පියවර ගනිමින් සිටී.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ICTA සමඟ සමීපව කටයුතු කරමින් නැතිවූ දත්ත නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව මහේෂ් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%