August 20, 2023

රජය විසින් හඳුන්වා දී ඇති නිවාඩු ක්‍රමයක් උපයෝගී කරගෙන සුදුසුකම් ලත් ගුරුවරුන් විශාල වශයෙන් විදේශයන්ට සංක්‍රමණය වීම නිසා, රජයේ වියදම් කප්පාදු කිරීම සහ රාජ්‍ය අංශය පුරා බඳවා ගැනීම් නවතා ඇති පසුබිමක රජයේ පාසල් පද්ධතියට නව ගුරුවරුන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමුළාර ඇතැයි වාර්තා සඳහන් කරයි.

විදේශ විනිමය බලපෑම් අවම කිරීම සඳහා රැකියා සඳහා විදේශගත වීමට රාජ්‍ය සේවකයින් දිරිගැන්වීමේ අරමුණින් පසුගිය වසරේ නිකුත් කරන ලද රජයේ චක්‍රලේඛයක් යටතේ ගුරුවරුන් වසර පහක වැටුප් රහිත නිවාඩුවක් සඳහා අයැදුම් කිරීම හේතුවෙන් රජයේ පාසල් පද්ධතියේ පුරප්පාඩු දහස් ගණනක් නිර්මාණය වී තිබේ.

පසුගිය වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛයේ බලපෑම් දැනටමත් බලපෑමට ලක්ව ඇති අධ්‍යාපන ක්‍රමයට අහිතකර ලෙස බලපානු ඇති බව විද්වත්තු පෙන්වාදෙති.

වෛද්‍ය විශේෂඥයන් සහ කාර්ය මණ්ඩලය විශාල වශයෙන් සංක්‍රමණයවීමේ බලපෑම මහජන සෞඛ්‍ය පද්ධතියට දැනීමට පටන් ගෙන ඇති අතර, රෝගීහු දහස් ගණනක් රැකවරණය සහ ප්‍රතිකාර ලබා ගැනීමට අරගල කරමින් සිටිති.

මේ අතර පසුගිය මාස නවය තුළ දළ වශයෙන් ගුරුවරුන් 5,000කට ‘පස් අවුරුදු වැටුප් රහිත නිවාඩු’ ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පිළිගෙන ඇත.

මෙම නව නිවාඩු ක්‍රමය සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ නව ගුරුවරුන් ඉවත්වීමේ ප්‍රවණතාව දැනටමත් දුෂ්කර ප්‍රදේශවල ගුරු හිඟය උග්‍ර කර ඇත.