Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික ආරවුලකට පළිගැනීම සඳහා පසුගිය 28 වැනිදා කැලණිය වනවාසල , දුම්රිය මාර්ගයට යාබද ස්ථානයකදී අමානුෂික අන්දමින් කපා කොටා ඝාතනය කළ වනවාසල පදිංචි පනස්නව හැවිරිදි මැරතන් ධාවකයකු වන රණසිංහගේ සරත් නොහොත් රාජා නමැති අන්වර්ථ නමින් හැඳන් වූ පුද්ගලයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මිනිස් ඝාතනයේ ප්‍රධාන සැකකරු කැලණිය මානෙල්ගම කසළ අංගණය තුළ සැඟව සිටින බවට පෑලියගොඩ පොලිසියේ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරියට ලද තොරතුරකට අනුව පළමුවැනිදා දහවල් පොලිසිය කසළ අංගණය පීරමින් සිදුකළ වැටළීමකින් පසු ප්‍රධාන සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මිනිස් ඝාතනයට යොදාගෙන තිබූ අඩි දෙකහමාරට වැඩිය දිගින් යුත් විශාල ප්‍රමාණයේ කඩුවක් සහ තවත් කඩු දෙකක් වනවාසල කේ.ජී.එස්. මාවතේ පාළුවට ගිය නිවෙසක සඟවා තිබියදී ප්‍රධාන සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙම ඝාතනය සිදුකිරීමට ප්‍රධාන සැකකරුට සහාය ලබාදුන් තවත් සැකකරුවන් තිදෙනකුද පළමුවැනිදා දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
කලක පටන් මෙම දෙපාර්ශ්වය අතර පැවැති ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇතැයි මෙතෙක් සිදු කළ විමර්ශනවලින් පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මත්ද්‍රව්‍ය මූලික කරගත් සිද්ධියක් මෙම මිනිස් ඝාතනයට හේතුවන්නට ඇතැයි සැකකරන පොලිසිය, අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart