December 23, 2024

කොළඹ රාජකීය ඇතුළු ප්‍රධාන පාසල් හතක් මේ වන විට විදුහල්පතිවරුන් නොමැතිව පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේය.

දේවි බාලිකා, වේල්ස් කුමර විද්‍යාලය මොරටුව, ශාන්ත පාවුළු, හින්දු විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ලුම්බිණි සහ පිළියන්දල ම.ම.විද්‍යාලය මෙලෙස විදුහල්පතිවරුන් නොමැති පවත්වාගෙන යන කොළඹ සහ ඒ අවට පාසල් කිහිපයකි.

විදුහල්පතිවරුන් නොමැති මුළු පාසල් සංඛ්‍යාව 46ක් බවද අනාවරණය විය.

එසේම බණ්ඩාරනායක ම.වි ගම්පහ, සංඝමිත්තා විද්‍යාලය, ධර්මාශෝක, දේවානන්ද විද්‍යාලය, ශාන්ත තෝමස් හලාවත, ජෝශප් වාස් විද්‍යාලය, රාජපක්ෂ විද්‍යාලය වීරකැටිය, අනුරාධපුර ම.ම.වි සහ තවත් ප්‍රධාන කීපයකටද විදුහල්පතිවරුන් නොමැත.

පුරප්පාඩු පිරවීම සඳහා 2024 දෙසැම්බර් 31 දිනට පෙර අදාළ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.

42.31%
17.27%
32.76%