December 3, 2024

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරු අනුමත කර තිබේ.

ඒ අනුව කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.අයි.එස්. මුතුමාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.මනතුංග පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ස්ථාන මාරුකර තිබේ.

පහතින් දැක්වෙන්නේ පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති අදාළ ස්ථාන මාරුවලට අදාළ ලේඛනයයි.

42.31%
17.27%
32.76%