Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට පෙර අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට බොහෝ අය තැත්කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කිසිදු දිනෙක දිනන්නට නොහැකි යැයි කියූ තිස් වසරක යුද්ධය අවසන් කර, රට සංවර්ධනය කළ නායකයා බවද නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා විසින් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කළයුතු බවට සිදුකරන අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය ගැන ජනමාධ්‍ය විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජය කර යුද්ධය අවසන් කළ පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව යුධ අධිකරණයට ගෙන ගොස් අනතුරුව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එල්ටීටීඊ හිතවාදීන් උත්සාහ කළ බවත්, ඉන් අනතුරුව යහපාලන කාලයේ ඩොලර් බිලියන ගණන් විදේශයන්හි සඟවා ඇති බවට අභූත චෝදනා එල්ල කරමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කළ බවත්, අරගලය අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට තැත්කළ බවත්, දැන් බදු අඩුකොට ජනතාවට සහන සැලසීම නිසා ආර්ථිකය බංකොලොත් කළා යැයි පවසමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තැත්කරන බවත්, මේවා හුදු ජනප්‍රිය වීම සඳහා විපක්ෂය විසින් සිදුකරන නාටක බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
තවමත් බිමේ ඡන්දය ඇත්තේ තනි පුද්ගලයකු ලෙස මහින්ද රාජපක්ෂට වන අතර, විපක්ෂයේ සිටින සියලුදෙනාට ඇත්තේ රාජපක්ෂ භීතිකාවක් බව නාමල් රාජපක්ෂ පැවසීය.
මහින්ද රාජපක්ෂ සැමදා තීන්දු තීරණ ගත්තේ ජනතාව වෙනුවෙන් බවත් බොහෝ නායකයන් යුද්ධය ඉවර නොකර අන්තර්ජාතික ප්‍රජාව සතුටු කළ බවත්, තවත් සමහර නායකයන් ත්‍රස්තවාදීන්ට ආයුධ පවා ලබාදුන් බවත් නාමල් තවදුරටත් පැවසීය.
එහෙත් මහින්ද ජනතාව හැර කිසිවෙක් සතුටු කර තම බලය ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකළ බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අවධාරණය කළේය.
මහින්ද යනු බිමේ දේශපාලනය හොඳින් හඳුනන දේශපාලඥයකු බවත්, මඩ ගල් මුගුරු හොඳට පුරුදු අයෙක් බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
බදු අඩුකර ජනතාවට සහන සැලසීම විපක්ෂයට පෙනෙන්නේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු වරදක් ලෙසටදැයි නාමල් රාජපක්ෂ විපක්ෂයෙන් ප්‍රශ්න කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart