
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අප්‍රේල් 13 වැනිදා සිට දිවා කාලයේදී එනම් පස්වරු 3.00 දක්වා සිය පද්ධති අක්‍රිය කරන ලෙස සිදු කළ ඉල්ලීමට රට පුරා බොහෝ වහලවල ස්ථාපිත සූර්ය පැනල හිමිකරුවන් සාධනීය ප්‍රතිචාරයක් දැක්වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ විදුලිබල පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ඉල්ලීම කළ බවයි.
දැඩි අව් රශ්මියක් පවතින කාලගුණ තත්ත්වයක් පවතින මෙවැනි කාලවකවානුවක මෙන්ම ජනතාව විදුලි බලය අඩුවෙන් භාවිත කරන අවස්ථාවක සූර්ය පැනල විශාල වශයෙන් විදුලිය නිපදවයි.
එහෙත් එම සමස්ථ විදුලිය විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සඳහා ගැටළු ඇති කරයි.
සූර්ය බලය වැනි ප්‍රභවයන්ගෙන් විදුලිය වැඩි වූ විට එය ජාතික විදුලිබල පද්ධතියට පීඩනයක් එල්ල කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.
එමගින් පද්ධතිය අස්ථායී වන අතර බිඳවැටීමට වීමට වැඩි ඉඩක් ඇත.
කුඩා ගැටළුවක් පවා විදුලිය විසන්ධිවීමට හෝ විදුලි සැපයුම් සම්පූර්ණයෙන් බිඳවැටීමට පවා හේතු විය හැකිය.
ඔවුන්ගේ නිරීක්ෂණ පද්ධතිය හරහා මහජන සහයෝගයේ බලපෑම පැහැදිලිව දැකගත හැකි බව එම ප්‍රකාශකයා පවසා ඇත.
“ඒවායේ සූර්ය පැනල ක්‍රියාවිරහිත කළ නිවාස මොනවාදැයි අපට පෙනෙන්නේ නෑ, නමුත් අපි විශාල ප්‍රගතියක් දැක්කා. වහල මත සූර්ය බලශක්තිය භාවිතා කරන්නන් මිලියන 7 ක් සිටිනවා. පද්ධතිය තුළ ඕනෑවට වඩා බලයක් තිබීමේ අනතුර ඔවුන් තේරුම් ගෙන තිබුණා” යැයි ඔහු පවසා ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ දිනයේත් තවත් පණිවිඩයක් යොමුකරමින් වහලය මත සූර්ය පැනල භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටියේ, එම මණ්ඩලයෙන් දුරකතන සඳහා කෙටි පණිවිඩයක් ලැබුණහොත් පමණක් පස්වරු 03 දක්වා ඔවුන්ගේ සූර්ය පැනල පද්ධති විසන්ධි කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart