Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගන්නා අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීමට අදාළව හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වතු කම්කරුවන් නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති සමාජිකයන් සමඟ පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති සඳහන් කර ඇත්තේ, තමන්ට එහි කරුණු සම්බන්ධයෙන් එකඟවීමට නොහැකි බවයි.
ඒ අනුව තමන් ඉල්ලා සිටින දෛනික වැටුප් වැඩිකිරීම ලබාදෙන ලෙසටද වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටිනු ලැබීය.
වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය මැදිහත්වීම ජනාධිපතිවරයා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
මේ අතර වතු කම්කරුවන් මුහුණදෙනු ලබන ගැටලු සම්බන්ධයෙන්ද වතු වෘත්තීය සමිති නියෝජිතයන් අමාත්‍යවරයාව දැනුවත් කර සිටි අතර, එහිදී නව රැකීරක්ෂා පනත මගින් වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් ආරක්ෂා කිරීමට විශේෂයෙන් පියවර ගන්නා බවද අමාත්‍යවරයා පෙන්වාදී ඇත.
මෙම අවස්ථාව සඳහා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් ඇතුළුව වතු වෘත්තීය සමිති නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart