Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ ආර්ථික අභියෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් භාරගත්තේ දේශපාලන අභියෝගයක් ලෙස නොවන බවත්, ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව භාරගත්තේ රට වැටුණු තැනින් ඉහළට එසවීමේ අභියෝගය වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (10) එම අමාත්‍යාංශයේ ‘ජයගමු ශ්‍රී ලංකා’ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් පැවසීය.
“සමහරු ඉන්නේ වමේද, දකුණෙද, යන්නේ කොහේටද කියලා හිතාගන්න බැරුව. එහෙම වුණාම ඉතින් මාලිමාවක් ඕන වෙනවා. පාර බලාගන්න. අතරමං වුණාම මාලිමාවක් ඕන පාර කියාගන්න. වම-දකුණ පටලගන්නේ නැතුව මේ වෙලාවේ රට ගොඩනගන, රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒකේ අභියෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේම රාජ්‍ය නිලධාරීන් භාරගත්තේ දේශපාලන අභියෝගයක් හැටියට නෙවෙයි. වැටිච්ච තැන ඉඳලා රට ගොඩ නගන අභියෝගයක් අපි භාර ගත්තේ.” යැයි අමාත්‍යවරයා පැවසීය.
මිතුරන්ගෙන් ඇඳුම් ඉල්ලා ඇඳීම මෙන්ම හිතවත් රටවලින් මුදල් ඉල්ලීම ප්‍රායෝගික නොවන අතර ඒ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ආණ්ඩුව කළ යුතු බවත් කී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“අද ජනප්‍රිය කථිකයො විදිහට විපක්ෂයේ කතා පවත්ව පවත්ව ඉන්න තිබිච්ච එක පැත්තකට දාලා, රට ගොඩනගන දේශපාලනයේ අභියෝග භාර ගන්න අපිට ලැබුණේ දකුණෙන් ආව ආභාසය නිසා. මගේ තාත්තා අද හිටියා නම් වයස අවුරුදු 74ක්. ඒත් මට අවුරුදු 11දී ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ඇවිල්ලා, මගේ තාත්තා මරලා දැම්මා. එදා ඉඳලා ගොඩනැගිලා, මම කැබිනට් අමාත්‍යවරයෙක් දක්වා එන්නේ දකුණෙන් ආව හයිය නිසා. ඒ අභියෝග භාරගන්න තිබෙන පුළුවන්කම නිසා. දේශපාලනයෙත් තියෙනවා වම-දකුණ කියලා එකක්. අති වමේ කට්ටියත් ඉන්නවා. මාක්ස් එංගල්ස්ටත් වඩා වමේ කට්ටිය ඉන්නවා. අද වම-දකුණ මාරු වෙලා අංශක 360ක් කරකැවිලා ගොඩක් අය අතරමං වෙලා. ඉන්නේ වමේද, දකුණෙද, යන්නේ කොහේටද කියලා හිතාගන්න බැරුව. එහෙම වුණාම ඉතින් මාලිමාවක් ඕන වෙනවා. පාර බලාගන්න. අතරමං වුණාම මාලිමාවක් ඕන පාර කියාගන්න. වම-දකුණ පටලගන්නේ නැතුව මේ වෙලාවේ රට ගොඩනගන, රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒකේ අභියෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේම රාජ්‍ය නිලධාරීන් භාරගත්තේ දේශපාලන අභියෝගයක් හැටියට නෙවෙයි. වැටිච්ච තැන ඉඳලා රට ගොඩ නගන අභියෝගයක් අපි භාර ගත්තේ.
කයියනායකලා, පුතාණෝ අද මේ රට ගොඩ නැගුණයින් පස්සේ කතාකරන බොහෝ අය ඒ අවදානම ගන්න බැරි වෙනකොට අවදානම ගත්තේ අපියි. මේ රටේ පක්ෂ පාට දේශපාලනය අවශ්‍ය නෑ. අපට ඕන කරන්නේ මේ රට ගොඩගන්නයි. ඒකටයි අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕන. දැන් උතුර-දකුණ හොයාගන්න බැරිව පැටලිලා ඉන්න අයත් කතා කරගෙන යනකොට කියවෙන්නේම රනිල් තමයි හරි. රනිල් තමයි වැල් පාලමේ රට ගොඩට ගෙනල්ලා තියෙන්නේ කියන කතා. මේ හැමෝම කෙළින් වැඩේ නොකර ‘උගුරට හොරා බෙහෙත් බොනවා’. හැබැයි අපි කරලා පෙන්නනවා. මේ රටටත් ඕන හොඳ දොස්තර කෙනෙක්. දොස්තර කෙනෙක් ගෙනාවට අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න බැරි වුණා. අපිට ඕන මේ වැටිලා හාන්සි වෙලා ඉන්න ශ්‍රී ලංකාව කියන ලෙඩාව ගොඩගන්න පුළුවන් නායකයෙක්. අවුරුදු දෙකකදී යන්තම් ‘අයිසීයූ’ එකේ ඉඳලා යම් තැනකට ඇවිල්ලා තියෙනවා. මේ රට නැගිටලා ශක්තිමත්ව ජවයෙන් ඉස්සරහට දුවලා යන තැනට ගොඩ නගන්න තියෙනවා. ඒකටයි දැනඋගත් නායකත්වය අපිට උවමනා කරන්නේ. රට ගොඩ නගන ගමනෙදි කතා කර කර ඉඳලා හරි යන්නේ නෑ. වැඩ කරන්න ඕනේ. ‘ජයගමු ශ්‍රී ලංකා’ මෙතනට එන්නේ බඩු අරගෙන ජනතාවට සහාය දීලා තරුණ තරුණියන්ට රස්සා අරගෙන. මීට අවුරුදු දෙකකට කලින් මෙහෙම තත්ත්වයක් රටේ තිබුණේ නෑ. සංවර්ධනයේ, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට දෙන්න පුළුවන්කම තිබුණේ නෑ. අද අපි ඒ ප්‍රතිලාභ ජනතාවට අරගෙන ගමින් ගමට, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඇවිල්ලා තියෙන්නේ. මේක අවුරුදු දෙකක් තුළ ඇති වෙච්ච සැබෑ වෙනසක්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart