Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සදහා කරුණු අනාවරණය නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමත් සමග, හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය ඉවත් කරගැනීමට නීතීඥයන් කටයතු කර ඇත.
මනුෂ නානායක්කාර වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඇතුළු නීතීඥ මණ්ඩලයක් විසින් අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් කොළඹ ප්‍රධාන මහේස්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ අතර පසුගිය 20 වැනිදා එය සළකා බලනු ලැබුවේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කරුණු අනාවරණය නොවන බවය.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ අතර, ඊයේ දිනයේදී හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් පැය හයක ප්‍රකාශයක් ලබාදුන්නේය.
අපේක්ෂිත ඇප අයැදුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන පෙත්සම අද දිනයේදී යළිත් සළකා බැලූ අතර, පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥයන් පරීක්ෂණවල වර්ධනයන් ගැන විමසා සිටි අතර, හිටපු අමාත්‍යවරය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවන බව සදහන් කිරීම නිසා අපේක්ෂිත ඇප අයැදුම්පත්‍ර පෙත්සම ඉවත් කරගැනීමට නීතීඥන් කටයතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart