August 12, 2024

හිරු රූපවාහිනි සේවය විසින් විකාශණය කරන ”පත්තරේ විස්තරේ’ වැඩසහහනේ ඉකුත් 10 වැනි සෙනසුරදා විකාශය මගින් තමා සහ හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු හට චේතනාන්විතව බරපතල ලෙස අපහාසයක් සිදුකර ඇති බවත්, එමගින් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවත් පවසමින් හිටපු ඇමැති මනුෂ නානායකකාර මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම වැඩසටහන ඉදිරිපත් කිරීමේදී එහි පූරක ලෙස කටයුතු කළ මධුෂාන් ද සිල්වා යන අය ශ්‍රී ලංකා ජනරජයේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ) අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන ව්‍යවස්ථාවට අනුව 2024/07/10 දිනැති සහ අංක 2392/27 දරණ ගැසට් නිවේදනය මගින් පරිච්ඡින්න කරනා ලද උපලේඛණ අංක 2 යටතේ වන විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර් ජාල වෙබ්අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ්අඩවි පරිශීලකයන් සඳහා වන උපමාණ ලේඛණයේ අංක 2.1, 2.2, සහ 2.3 යන වගන්ති බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බව හිටපු ඇමැතිවරයා පෙන්වදී තිබේ .

ඒ අනුව, හිරු රුපවාහිනී සේවාව සහ පත්තරේ විස්තරේ වැඩසටහනේ පූරක මධුෂාන් ද සිල්වා මැතිවරණ කොමිෂම විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමානයන් උල්ලංඝණය කරමින් තමාට සහ හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු හට බරපතල අපහාසයක් සිදුකර ඇති බවත් ඔහු පවසයි.

එබැවින් මැතිවරණ නීතීවලට අනුව මේ පිළිබඳව කඩිනම් පියවර ගන්න ලෙස ඔහු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී.

එමෙන්ම එම වැඩසටහන මගින් හිරු නළිකාව සහ එහි පූරක මධුෂාන් ද සිල්වා යන අය මුලික ජනමාධ්‍ය ආචාර්යධර්ම පවා බරපතල ලෙස උල්ලංඝණය කර අති බව ඔහු සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 

42.31%
17.27%
32.76%