December 3, 2024

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වෙනුවට පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ නව අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග ටකන්තලේ කොට්ඨාශයේ සිට ස්ථාන මාරුවක් ලබාදී මෙම වගකීම භාරදී ඇත.

මේ අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.යූ.කේ. ලොකුහෙට්ටි විභාග කොට්ඨාශයේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත්කර කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස මාරුකර යවා තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඩී.කේ.එස්. පෙරේරා කොළඹ වංචා විමර්ශන කොට්ඨාශයෙන් ස්ථාන මාරුවක් ලබා ත්‍රස්තවාදය වැළැක්වීමේ හා විමර්ශන අංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

මීට අමතරව පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර පුත්තලම කොට්ඨාශයේ සිට වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුකර තිබේ.

42.31%
17.27%
32.76%