43.4%
15.4%
30.9%
September 9, 2023

මාලදිවයින් ජාතිකයෝ පිරිසක් අද පස්වරුවේ කොළඹදී ඡන්දය ප්‍රකාශ කළහ.

කොළඹ පිහිටි මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාලදිවයින් ජාතිකයින් 850 ක් පමණ මෙලෙස ලියාපදිංචි වී සිටි බව ආරංචි මාර්ග පවසයි.

ඡන්ද විමසීම අද පස්වරු 4.30ට කොළඹදී අවසන් විය.

අවසන් ප්‍රතිඵල ප්‍රකාශය සඳහා ඡන්ද පෙට්ටි දෙක මාලේ වෙත යවනු ලැබේ.

මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීම අද දිනයේ පැවැත්විණි.

43.4%
15.4%
30.9%