August 31, 2024

24 හැවිරිදි මැලේසියානු කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සන්තකයේ තිබී කොකේන් කිලෝග්‍රෑම් 3ක් සොයාගැනීමට නිලධාරීන් සමත් වූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 110ක් පමණ බව පැවැසේ.

සැකකාරිය මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරේ.

මෙම කාන්තාව ඩුබායි සිට පැමිණ බෙල්ලන්විල හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.