October 24, 2024

මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් අද පැය දෙකකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශයක් සටහන් කරගත්තේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ජනමධ්‍ය වෙත පවසා ඇත්තේ, හිටපු අමාත්‍යවරයාට එරෙහිව මැලේසියානු ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවයි.

2010 – 2015 කාලය තුළ මුල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති තල්දූව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%