Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුප්‍රසිද්ධ මැලේසියානු ප්‍රකෝටිපතියකු වන 86 හැවිරිදි ආනන්ද ක්‍රිෂ්ණන් පසුගිය බ්‍රහස්පතින්දා මිය ගිය බව ඔහුගේ පෞද්ගලික ආයෝජන සමාගමක් විසින් තහවුරු කර තිබේ.
ඔහුගේ මරණයට හේතුව සමාගම විසින් හෙළිදරව් කර නැත.
ක්‍රිෂ්ණන්ගේ අතිවිශාල ව්‍යාපාරික වටපිටාව විවිධ අංශ ආවරණය කළ අතර ඔහුගේ එක් සමාගමක් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් වෙත අනුග්‍රහය පවා දැක්වීය.
ක්‍රිෂ්ණන් මැලේසියාවේ තුන්වැනි ධනවත්ම පුද්ගලයා විය.
ක්වාලාලම්පූර් අගනුවර බ්‍රික්ෆීල්ඩ්ස් ප්‍රදේශයේ 1938 අප්‍රේල් 1 වැනි දින උපත ලැබූ ක්‍රිෂ්ණන්ගේ ව්‍යාපාරික ලෝකය විදුලි සංදේශ, චන්ද්‍රිකා, මාධ්‍ය, තෙල්, ගෑස් සහ දේපළ වෙළඳාම් යන ක්ෂේත්‍රවලට විහිදී තිබේ.
ඉන්දියානු පදිංචිකරුවන් සහ ඔවුන්ගේ ව්‍යාපාර වැඩිවශයෙන් පැවතීම නිසා බ්‍රික්ෆීල්ඩ්ස් ප්‍රදේශය ‘ලිට්ල් ඉන්ඩියා’ ලෙසද හැඳින්වේ.
සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතට අනුව ‘ඒ.කේ.’ ලෙස ජනප්‍රිය කෙටි නමින් හැඳින්වෙන ක්‍රිෂ්ණන්ගේ ශුද්ධ වටිනාකම රුපියල් කෝටි 40,000 එනම් ඩොලර් බිලියන 5 ඉක්මවයි.
ආයතනික සාර්ථකත්වයෙන් ඔබ්බට, ඔහු දානපතියකු සහ බෞද්ධයකු ලෙස ද ප්‍රකටව සිටියේය.
ප්‍රමුඛ පෙළේ මැලේසියානු ටෙලිකොම් සැපයුම්කරුවකු වන Maxis Berhad 1993 දී ආරම්භ කිරීම ඔහුගේ ව්‍යාපාරවල කොටසකි.
ඔහුගේ ව්‍යාපාර ක්ෂේත්‍රය Astro හරහා මාධ්‍ය, MEASAT චන්ද්‍රිකා මෙහෙයුම්, Bumi Armada සහ Pexco වැනි තෙල් හා ගෑස් ව්‍යවසායන් දක්වා ද ව්‍යාප්ත විය.
ඔහු Maxis සහ Sri Lanka Telecom හි සැලකිය යුතු කොටස් ද පවත්වාගෙන ගියේය.
ඔහු වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වූයේ ඔහුට අයත් එයාර්සෙල් සමාගම IPL හි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අනුග්‍රහය දැක් වූ බැවිනි.
ක්‍රිෂ්ණන්ට දියණියන් දෙදෙනෙකු සහ පුතකු සිටින අතර එම පුත්‍රයා පසුව බෞද්ධ භික්ෂුවක් බවට පත්විය.
ක්‍රිෂ්ණන්ගේ එකම පුත්‍රයා වන අජාන් සිරිපඤ්ඤෝ භික්ෂුව, පසුගිය දශකය තුළ සිරස්තල මැවූයේ, බෞද්ධ භික්ෂුවක් වීම සඳහා වයස අවුරුදු 18 දී ඩොලර් බිලියන 5ක උරුමයක් අත්හැරීම නිසාය.
තම පියාගේ ශ්‍රද්ධාවත් බෞද්ධ ප්‍රතිපත්ති තුළ මුල් බැසගත් අජාන් සිරිපඤ්ඤෝ භික්ෂුවගේ තීරණය ඔහුගේ පවුල තුළ විශාල වශයෙන් ගෞරවයට පාත්‍ර විය.
ආරණ්‍ය භික්‍ෂුවක් ලෙසින් සිරිපඤ්ඤෝ භික්ෂුව භාවනාව ප්‍රගුණ කරමින්, දානය මත යැපෙන ජීවිතයක් ගත කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart