Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ප්‍රහාරයට දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට බහුතර ජන පිරිසක් විශ්වාස කරන බව ඒ පිළිබඳ ජනතාව දරන අදහස විමසමින් වෙරිටේ රිසර්ච් කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
අදාළ සමීක්ෂණය සිදුකර තිබුණේ 2023 ඔක්තෝබර් මාසයේදීය.
සමීක්ෂණයේ දී ප්‍රශ්න කර ඇත්තේ ‘එය සිදු කරනු ලැබුවේ අන්තරායකර විදේශ බලවේග සමඟ කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන්, එය දේශීය දේශපාලන බලවේග සමඟ කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් විසින් සිදු කරන ලද්දකි සහ දේශීය දේශපාලන බලවේග සහ අන්තරායකර විදේශ බලවේග යන දෙකම සමඟ කටයුතු කරන ලද ලාංකීය අන්තවාදීන් විසිනි’ යන කරුණු තුනෙන් ඔවුන් විශ්වාස කරන පිළිතුර කුමක්ද යන්නයි.
එහිදී 53%ක් විශ්වාස කර ඇත්තේ දේශීය දේශපාලන බලවේග මෙයට සම්බන්ධ බවයි.
ඉන් 30%ක් දෙවැනි පිළිතුර තෝරාගෙන ඇති අතර අතර 23%ක් තුන්වැනි පිළිතුර තෝරාගෙන තිබිණි.
එම ප්‍රහාරය දේශීය දේශපාලන බලවේගවල මැදිහත්වීමකින් තොරව සිදු කරන ලද්දක් බව විශ්වාස කර ඇත්තේ 8%ක් පමණි.
සමීක්ෂණයට සහභාගී වූ 39%ක් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මේ පිළිබඳ කිසිදු මතයක් නොමැති බව හෝ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart