42.31%
17.27%
32.76%
October 14, 2023

ජීප් රථයේ දොර ‘හයියෙන් වැහුවා’ යැයි උරණ වූ මේජර්වරයකු සිය පහළ නිලධාරියකුගේ ‘කණට ගැසීමක්’ පිළිබඳව වාර්තාවේ.

මෙලෙස ලාන්ස් කෝප්‍රල්වරයකුට පහරදී ඇත්තේ, රත්මලාන බොරුපන කඳවුරේ සේවය කරන මේජර්වරයෙකි.

පහරදීම හේතුවෙන් ලාන්ස් කෝප්‍රල්වරයා රෝහල්ගත වී ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

බොරුපන කඳවුරේ සිට අදාළ මේජර්වරයා ඔහුගේ නිවසට ඇරලවා ආපසු ඒමට පිටත්වීමේදී ජීප් රථයේ දොර හඬ නැගෙන සේ වැසුවා යැයි මේජර්වරයා මෙලෙස පහරදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%