February 12, 2024

හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජනපදය බලා යෑමට අද (12) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන අද අලුයම 02.50ට පමණ නවදිල්ලිය බලා පිටත් වූ ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ගොඩ වූ අතර ඉන් අනතුරුව ඔහු එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා දිවයිනට පැමිණීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිලධාරී මණ්ඩලයට නව පත්වීම් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම්වරයා ලෙස රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%