June 21, 2024

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ලැබුණු මුදල් හෝ මුල්‍ය ආධාර කිසිවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් බෙදානුදුන් බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චෝදනා කරයි.

ඊයේ (20) පොළොන්නරුවේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ තමාට එරෙහිව අධිකරණයේ බොහෝ නඩු පවරා ඇත්තේ කාදිනල් රංජිත් හිමිපාණන්ගේ බලපෑම මත බවයි.

“මට විරුද්ධව උසාවියේ නඩු හාරසියයකට වඩා වැඩි ගණනක් පවරා තිබෙනවා. මම ගිනස් ලෝක වාර්තාවක් තබා තිබෙනවා. මෙම නඩු පවරා ඇත්තේ කාදිනල්තුමාගේ උපදෙස් පරිදි. එක් නඩුවක් මියගිය අයට, තවත් නඩුවක් තුවාලකරුවන්ට වන්දි ගෙවන ලෙස ඉල්ලලා”, සිරිසේන එහිදී චෝදනා කළේය.

“මම ජනාධිපති ධූරය දරන කාලය තුළ සෑම කෙනෙකුටම පැහැදිලිවම වන්දි ලබා දුන්නා.

පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමාට කතෝලික සංවිධානවලින්, ලෝකයේ වෙනත් රටවල්වලින්, ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් සහ තවත් පාර්ශ්ව කිහිපයකින් ලැබුණු අරමුදල්වලට මොකද වුණේ?… මේ මුදල් ලැබුණු අයගේ නම් ලැයිස්තුවක් කාදිනල්තුමා ඉදිරිපත් කළොත් හොඳයි. ඒ වගේම මේ මුදලට සිදු වූ දේ ගැන. ඒ මුදල්වලින් එක සතයක්වත් විපතට පත්වූවන්ට දීලා නැහැ.

මම ජනාධිපති වෙලා ඉන්නකොට ආණ්ඩුවෙන් සල්ලි දුන්නට දැන් මට තනියම වන්දි ගෙවන්න කියලා නඩු දාලා. ඒක තමයි දැන් තත්ත්‍වය,” ඔහු වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%