February 25, 2024

මෙම වසර අග මෙරට පැවැත්වීමට නියමිත මැතිවරණය හේතුවෙන් නැවතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භූ දේශපාලන වශයෙන් අන්තර්ජාතික අවධානයට ලක්ව තිබේ.

ඒ අතරතුර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ අමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි.

වොෂින්ටනය සහ චීනය අතර මහා බල දේශපාලනයේ පැටළී සිටින ශ්‍රී ලංකාව ‘මහා අස්ථාවරත්වයේ’ මොහොතක සිටින බවට මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය මධ්‍යයේ බාහිර බලවතුන්, විශේෂයෙන් චීනය රටට බලපෑම් කරමින් සිටින බව දේශපාලන විචාරක අදහසයි.

2015 සිට 2019 දක්වා ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන වොෂින්ටන් ටයිම්ස් පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත්තේ, තම රටේ පුරවැසියන් විදේශ ණය අර්බුදයකින්, ඉහළ යන උද්ධමනයකින්, පහළ යන ආර්ථිකයකින්, ආහාර,ඉන්ධන සහ අනෙකුත් හිඟයන්ගෙන් ගොඩ ඒමට උත්සාහ කරමින් ‘දුගී දුප්පත්කම’ විඳදරා ගනිමින් සිටින බවයි.

 

42.31%
17.27%
32.76%