January 11, 2024

පාසල් දරුවන්ට වාර ප්‍රවේශපත්‍ර ලබාදී පසුව ඒවා අහෝසි කරන සමයක, රජයේ මුදල් වැය කර වරායට, රටට අයත් යාත්‍රා භාවිත කර, බංකොලොත් වූ රටක මුහුද මැද සාද පවත්වන්නේ කෙසේදැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් කොළඹ වරාය පරිශ්‍රයේ පෙරේදා රාත්‍රියේ සහභාගී වූ සාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න නගමින් විපක්ෂ නායකවරයා මෙලෙස ප්‍රශ්න කළේය.

මෙම ප්‍රශනය හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, සභානායක ප්‍රසන්න රණතුංග විසින්ද අපහාසත්මකව ඊට පිළිතුරු ලබාදෙනු දැකගත හැකි විය.

එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.

”ඇත්තම කතාව වැට් එක නිසා රටම ෆ්ලැට් වෙලානේ තියෙන්නේ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය පාර්ශවයට සම්බන්ධ මන්ත්‍රීවරු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් වරාය අධිකාරියට අයිති හංසකාව, දිය කොවුලා යන යාත්‍රා දෙක පාවිච්චි කරලා දින දෙකකට පෙර මුහුද මැද ලොකු පාටියක් දාලා. වරාය රාජ්‍ය ඇමැති ලිඛිතව අවසර අරගෙන මේ මන්ත්‍රීවරු යම් ප්‍රමාණයක් මුහුද මැද පාටියක් දාලා.

එතකොට මම අහන්න කැමතියි දූ දරුවන්ගේ වාර ප්‍රවේශපත්‍ර ලබාදුන්නට පස්සේ ඒවා අහෝසි කරනවා. රජයේ මුදල් වැය කරලා වරායට, රටට අයිති යාත්‍රා පාවිච්චි කරලා ඉන්ධන වැය කරලා බංකොලොත් රටක කොහොමද මෙහෙම මුහුද මැද පාටි දාන්නේ.

විස්කි ගෙනල්ලා කෑම ගෙනල්ලා වරායේ ආපන ශාලාවෙන් කෑම ගෙනල්ලා. මේක බොරුවක් නෙවෙයි මේක ඇත්ත කතාව. ඇමැතිවරුන් ගිහිල්ල මෙහෙම මුහුද මැද පාටි දානවද බංකොලොත් රටක.

මට ප්‍රශ්නයක් නෑ රටට ප්‍රශ්නයක් නෑ තමුන්නාන්සේලා පෞද්ගලික තැනකට ගිහිල්ලා තමුන්නාන්සේලාගේ වියදමින් 365 දවසෙම 24 පැයම ඕන තරම් පාටි දැම්මට ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක පෞද්ගලික දෙයක්.

හැබැයි හංසකාව, දියකොවුලා, මේවා වැලි හාරන යන්ත්‍ර. ඔබ දන්නවද ඒ යාත්‍රා දෙකට නගින්න රතු පලසකුත් දාලා තිබ්බා. හැබැයි රෙඩ් කාපට් එක කවුරුත් දනගහලා ඉම්බේ නෑ. බංකොලොත් රට ඉම්බේ නෑ. මේව ජනතාව දැනගන්න ඕනේ මේවා පවක්. මේවා මහා පාපකර්ම.”

42.31%
17.27%
32.76%