January 27, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේහය අනාගත පරම්පරාවට ප්‍රදර්ශනය කිරීම සඳහා සංරක්ෂණය කළ යුතු බව හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අජිත් රාජපක්ෂ පැවසුවේ මහින්ද රාජපක්ෂ වසර 30ක සිවිල් යුද්ධයක් අවසන් කිරීම සඳහා නායකත්වය දුන් කීර්තිමත් චරිතයක් බවයි.

එබැවින්, දිවංගත සෝවියට් නායක ව්ලැඩිමීර් ලෙනින් සහ වියට්නාම විප්ලවවාදී නායක හෝ චි මිං වැනි අයගේ දේහයන් මෙන් ඔහුගේ අභාවයෙන් පසු, මහින්ද රාජපක්ෂගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා සංරක්ෂණය කළ යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

“මෙම රටවල නායකයන් තීරණය කළේ කුමන වියදමක් ගියත් එවැනි නායකයන්ට ඔවුන්ගේ අභාවයෙන් පසුව පවා අනාගත පරම්පරාවන් ගරු කළ යුතු බවයි,” යනුවෙන් ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහතික කිරීම රජයේ වගකීමක් බව ද රාජපක්ෂ පැවසීය.

42.31%
17.27%
32.76%