42.31%
17.27%
32.76%
October 16, 2023

ඉදිරි අයවැය මගින් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලැබීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය (නැගෙනහිර) ආසනයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට එක්වෙමින් හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා කියාසිටියේ පවතින ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රතිඵලයක් ලෙස පවතින ජීවන වියදම අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවයි.

“රටේ තත්ත්වය පසුගිය වසරට වඩා වෙනස් බව අපි කවුරුත් දන්නවා. දැනට විදුලි කප්පාදුවක් නැහැ. ගෑස් සහ ඉන්ධන තිබෙනවා. ආහාර ද්‍රව්‍යවල මිල අඩුකරලා. මේ අවුරුද්දේ නොවැම්බර් වෙනකොට බඩු මිල තවත් අඩු වෙනවා. ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ මෙතෙක් ඇති කරගත් ගිවිසුම්වලදී ඔවුන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකඟතාව පළකර තිබෙනවා, එමනිසා ලබන මාසයේදී IMF සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කළ හැකි බවටයි රජය විශ්වාස කරන්නේ” යනුවෙන් හිටපු ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව රාජ්‍ය වියදම් අඩුකිරීමට අපේක්ෂා කරන අතර,ඉන් බොහොමයක් මෙම වසර මුලදී එළැඹුණු අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය සහන ගිවිසුමට සමග අනුගත විය යුතුය.

42.31%
17.27%
32.76%