January 6, 2025

අභාවප්‍රාප්ත හිටපු පාරිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියප්පෙරුමට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වී තිබේ.

එම අවස්ථාවේ ගත් ඡායාරුප පෙළක් සමග හිටපු ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ පහත ශෝක ප්‍රකාශය තබා ඇත.

“විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙකු, දේශපාලන විචාරකයකු, ලේඛකයකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් කටයුතු කළ අභාවප්‍රාප්ත ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහත් සංවේගයෙන් යුතුව සහභාගී වුණෙමි.
පෞඩ හෙළ උරුමයටත්, දේශීය අනන්‍යතාවයටත් දැඩිව ආදරය කළ විහිදී පැතිරී ගිය පුළුල් දැනුමින් සන්නද්ධ චතුර කථිකත්වයෙන් ජනතාවට සමීප වූ මා මිත්‍ර සූරියප්පෙරුම මහතාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.”

 

42.31%
17.27%
32.76%