Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යාංශයේ ඔහුගේ තනතුර සඳහා සේවා දිගුවක් ලබා දීමට නියමිතව තිබේ.
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කළ සිරිවර්ධන සිකුරාදා දිනයේ විශ්‍රාම ගැනීමට නියමිතය.
ඔහුට භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස වසරක සේවා දිගුවක් ලබා දෙන බවට වාර්තා වේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවති සාකච්ඡාවලට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ඔහුගේ වටිනා මැදිහත්වීම ද ඔහුට මෙම සේවා දිගුව ලබාදීමේදී සැළකිල්ලට ගෙන ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.
මහින්ද සිරිවර්ධන භාණ්ඩාගාර ලේකම්වරයා වශයෙන් සිය සේවා කාලය මේ මස සම්පූර්ණ කිරීමට නියමිතව තිබේ.
මාණ්ඩලික නිලධාරියකු ලෙස සේවයට බැඳුණු ඔහු වසර 33ක් මහ බැංකුවේ සේවය කර ඇත.
මහ බැංකුවේ තමන් ගතකළ ජීවිතය කිසි විටෙක පහසු නොවූ බවත් ශ්‍රී ලංකාවේ පශ්චාත් නිදහස් ඉතිහාසයේ ගැඹුරු, පෙර නොවූ විරූ සහ වඩාත් සංකීර්ණ ආර්ථික අර්බුදයට පෙර 2020 මුල් භාගයේ සිට මහ බැංකුවේ දී තමා මුහුණ දුන් අභ්‍යන්තර හා බාහිර පීඩනය, ආතතිය සහ යම් අසාධාරණ සැළකීම් අමතක නොවන බවත් ඔහු සිය කාර්ය මණ්ඩලය වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.
මෙම සංකීර්ණ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද පසුකාලීන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳ මහ බැංකුවේ ඇතැම් අංශවලින් ලැබුණු දරුණු විවේචන කිහිපයක්ද සිහිපත් කර ඇති ඔහු එවැනි ප්‍රතිපත්තිවල යෝග්‍යතාව පිළිබඳ කාලය තීරණය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart