April 15, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහගේ නව නිවසට ගෙවැදීමේ උත්සව අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ව තිබේ.

හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකට අනුව මන්ත්‍රී ඩී. වීරසිංහගේ පැරණි නිවස අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කර ඇති අතර, ඒ වෙනුවට මෙම නව නිවස ඉදිකර ඇත.

අදාළ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

“පසුගිය 10 වෙනිදා එකතු වුණෙමි. අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ එතුමාගේ නිවස වෙනුවට මෙම නව නිවස ඉදිකෙරිණි. මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසී ජනතාව ද චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, විමලවීර දිසානායක, සරත් වීරසේකර, සංජීව එදිරිමාන්න, සෙන්දිල් තොන්ඩමන්, නාමල් රාජපක්ෂ ඇතුළු ජනතා නියෝජිතයෝ පිරිසක් ද එම අවස්ථාවට එකතු වූහ. ඩී. වීරසිංහ මහතාගේ උපන් දිනය අදට (15) යෙදී ඇති අතර එතුමාට සුබ උපන් දිනයක් ද ප්‍රාර්ථනා කරමි.”

May be an image of 6 people and temple

May be an image of 1 person

May be an image of 2 people and crowd

May be an image of 2 people, beard and people smiling

42.31%
17.27%
32.76%