October 25, 2024

ලියාදිංචි නොකළ වාහනයක් පරිහරණය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගරගත කර සිටින පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වැලිකඩ බන්ධනාගාරයට අද (25) පෙරවරුවේ පැමිණීයේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ එහිදී ජොන්ස්ටන් ප්‍රනානදුගේ සුවදුක් විමසා පිටව ගියේය.

පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යන අයද ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සුවදුක් විමසීමට ඊයේ බන්ධනාගාරයට පැමිණියහ.(ලංකාදීප)

42.31%
17.27%
32.76%